බප/ගම්/ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලය

ගම්පහ

බප/ගම්/ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

INNOVA MINDS

2024 ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැලඳවීමේ උළෙල

GDHJRYUKT7.png
GDHJRYUKT7.png

 ගම්පති තුමා සඳහන් කරන පරිදි පිරිමි ළමුන් සඳහා 1975ත් 1880ත් අතර කාලයේ යටවක වලව්වෙන් පිරිමි පාසලක් ආරම්භ කිරීම සඳහා ඉඩම් අක්කර භාගයක් දී ඇත.

 මෙහි පොල් අතු මඩුවක් තනවා ළමුන් විසිදෙනෙකුගෙන් පාසලක් ආරම්භ කරන ලදී. මෙහිදී මීවිටිගම්මන අලගියවන්න මොහොට්ටි අප්පුහාමිලාගේ බ්‍රම්පි අප්පුහාමි නමැත්තා පන්සල් අකුරු උගන්වා ඇති බවත් පැවසේ. මෙය රජයට පැවරීමෙන් පසු රජය විසින් එම පාසල්  ඉඩම අක්කර තුනක් බවට පත්කර,  1982 දී තව පොල් අතු සෙවිලි කළ ගොඩනැගිල්ලක් සාදවා ඇති බව දැක්වේ. රජයට පවරා ගත් පසු එහි විදුහල්පති වූයේ අලුත්ගම දියෝනිස් මහතාය. 1912 පමණ මේෙහි විදුහල්පති වශයෙන් කටයුතු කර ඇත්තේ ඩී.ඩී.රණවීර මහතාය.  එකල 350ක් පමණ ළමුන් සංඛ්‍යාවක් අධ්‍යාපනය හදාරන ලදී.  මෙම පාසලේ ඉගෙනුම ලත් අය අතර දැනට මීවිටිගම්මන ඩී.එල්.විජේසිංහ (විශ්‍රාමලත් විදුහල්පති) ඩී. ජී.හෙට්ටිආරච්චි ( විශ්‍රාමලත් විදුහල්පති) ඩබ්.ජී. ඩාවිට් (විශ්‍රාමලත් විදුහල්පති) ඩී.ඩී.වනිගසුන්දර (විශ්‍රාමලත් විදුහල්පති) ආදී ප්‍රභූවරුන් දැක්විය හැක.

 ක්‍රි.ව.1917 වන විට පන්ති කාමර අටක් පවත්වාගෙන යමින් ගුරුවරු දහදෙනෙක් සේවය කොට ඇත. ඉහත සඳහන් කරුණු සියල්ල සටහන් කොට ඌරාපොළ පදිංචි මෙම විදුහලෙහි ආදි ශිෂ්‍යයෙක් වන ඩී.ඩී වනිගසුන්දර විශ්‍රාමලත් ගම්පතිතුමා ප්‍රකාශ කළ පරිදිය.

දැනට පාසලේ ඇති පැරැණිතම ලොග් සටහන් පොතෙහි සඳහන් පරිදි 1918.09.03 වන දින වනවිට මෙම පාසලේ ගුරුවරුන් 08 දෙනෙකු සේවය කර ඇති අතර ඒ වනවිට මෙම පාසල "ඌරාපොල ආණ්ඩුවේ පිරිමි පාසල" යනුවෙන් හදුන්වා තිබුනණි. 1920.04.14 වන විටද මෙහි තිබුනේ එක් ගොඩනැගිල්ලක් බව සදහන්වේ. 1922.03.24 දී ලොග් සටහනේ සදහන් පරිදි මෙම විදුහල "C/ඌරපොල ස්වභාෂා  පිරිමි පාසල යනුවෙන්ද හදුන්වා ඇත. 1923.04.05 දින ලොග් සටහනට අනුව මෙම විදුහලෙහි පළවෙනි ශ්‍රේණියේ සිට අටවන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වූ බවත් ඒ වනවිට ශිෂ්‍ය සංඛ්‍යාව 354 ක් සිටි බවත් සඳහන් කර ඇත.

ආරම්භ කළ වර්ෂය

වර්ෂ 1875 ත් 1880 අතර 

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

20

මුල් ගුරුතුමාගේ නම

අලගියවන්න මොහොට්ටි අප්පුහාමිලාගේ බ්‍රම්පි අප්පුහාමි

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

ඌරාපොල ආණ්ඩුවේ පිරිමි පාසල

පාසල පැවැත්වූ ස්ථානය

යටවක ප්‍රදේශයේ පැවැති යටවක නමැති වලව්වක