පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන් (6-9)
- කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය.
- පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- අතෙහි කෙළවර වාටියේ සිට වැලමිට දක්වා අඟල් 4කි.
- කලිසමේ යට වාටියේ සීමාව හා දණහිස අතර දුර අඟල් 2කි.
- කළු මේස් හා කළු සපත්තු පැළඳිය යුතුය.
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.


පිරිමි ළමුන් (10-13)
- කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය.
- පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- සපත්තු වර්ණය කළු පැහැති විය යුතු අතර, විවිධ මෝස්තර සහිත පාවාහන් පැලදීම නොකල යුතුය.
- කමිසය වැලමිටට අගල් 4කට වඩා අඩු නොවිය යුතුය.
- කලිසමේ පසුපස සාක්කුව දකුණු පසින් තිබිය යුතුය.
- කලිසමේ පහළ කෙළවර පාවහන් මට්ටමෙන් තිබිය යුතු අතර ඉහළ ඉස්සෙන ආකාරයෙන් පැලදීම නොකල යුතුය.
- කලිසමේ පහළ කෙළවරවල් සමාන්තර විය යුතුය.
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.


ගැහැණු ළමුන් (6-13)
1 ගවුමේ කද කොටස උරහිස සිට ඉන දක්වා විය යුතුය
2. ඉන පටිය ඉනට අල්ලා තිබිය යුතුය
3. ඉන පටිය ඉන මට්ටමේ තිබිය යුතු අතර උකුල මට්ටමේ නොතිබිය යුතුය
4. ඉන පටිය සෙ.මි 3 ක් පළල විය යුතුය.
5 අතේ දිග කෙළවර වැලමිට සිට සෙ. මි 10ක් ඉහලින් විය යුතුය
6 ගවුමේ කොලරය අනවශ්‍ය ලෙස පළල් හෝ සිහින් නොවිය යුතුය
7. රැල්ලක පළල සෙ.මි 3 ක් විය යුතුය
8. ගවුමේ උස දන හිසේ සිට අගල් 2 ක් පහලට විය යුතුය.
9 . කළු සපත්තු හා සුදු මේස් පැළදිය යුතු අතර මේස් කොටට නැවිය යුතුය
10 ශිෂ්‍ය නායිකාවන් පමණක් ගවුමේ අත දිගට සකස් කල යුතු අතර කිසිසේත් ගවුමේ අත් නැවීම සිදු නොකල යුතුය.
11 කොණ්ඩය දිග ළමුන් මදින් බෙදා කරල් දෙකට අවසානය දක්වා ගොතා කළු රිබන් ගැට ගැසිය යුතුය
12 නිල ඇදුමේ කොරලයේ ගැවන කෙටි කොණ්ඩය ඇති සිසුවියන් කොණ්ඩය මැදින් බෙදා දෙපසට සිටින සේ ගැටගැසිය යුතුය නැතිනන් පාසල් ශිෂ්‍යාවකට සුදුසු පරිදි කොණ්ඩය කොටට කපා පැත්තෙන් බෙදා නළල පෙනෙනසේ සකස් කළ යුතුය
13 කර පියවීමේදී ඉන පටිය බැදීමේදී කටු අල්ල්පෙනෙති හෝ බොන්නම් භාවිතා නොකල යුතුය.
14. ටයි පටිය ඉනේ සිට සෙ. මී. 10 ක් පහලට දිවිය යුතුය.
15. ගවුමේ කද කොටසේ වම් පස ඉහලින් විද්‍යාලීය නිල ලාංජනය ස්ථිර ලෙස මසා තිබිය යුතුය








