????????????????????????ඌරාපොල ම.ම විද්‍යාලයීය බාලක,බාලිකා අපරදිග තූර්‍යවාදන කණ්ඩායම් ගම්පහ අධ්‍යාපන කලාපයේ ශූරතාවය දිනාගනී ????????????????????????
2024.04.27 වන දින පැවති බස්නාහිර පළාත්, ගම්පහ අධ්‍යාපන කලාප තූර්‍යවාදන තරගාවලියට සහභාගි වූ අප විද්‍යාලයීය ද්විතීයික බාලක අපරදිග (brass band) තූර්‍යවාදන කණ්ඩායම ගම්පහ කලාපීය වෙනත් පාසල් අභිබවා ශූරතාවය දිනාගත් බව අභිමානයෙන් දැනුම්දෙමු.
එසේම... එම තරඟාවලිය නියෝජනය කළ අප විද්‍යාලයීය ද්විතීයික බාලිකා අපරදිග (keyboard) අංශය නියෝජනය කළ තූර්‍යවාදන කණ්ඩායම ගම්පහ කලාප තරඟාවලියේ ශූරතාවය දිනාගත් බව අභිමානයෙන් දැනුම්දෙමු...
තරගාවලියට සහභාගී වූ තූර්‍යවාදන කණ්ඩායම් දෙකම එම තරඟ වලින් විශිෂ්ට ලෙස ලැබූ ජයග්‍රාහී , අභිමානීය අවස්ථාව වෙනුවෙන් ඇප කැප වූ,
අප පාසලේ විදුහල්පති ගරු නීතිඥ නෙවිල් රාජපක්ෂ මැතිතුමාටත්, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, සහකාර විදුහල්පතිවරුන් සහ ගුරු මණ්ඩලය හා අනධ්‍යන කාර්‍ය මණ්ඩලයට ස්තූතිය පුද කර සිටිමු...
එසේම මෙම ජයග්‍රහණය පසුපස යෝධ සෙවනැල්ලක් වූ සංගීත අංශයේ ආචාර්ය නිරාශා ගුරුතුමියටත්,විශ්වකීර්ති ගුරුතුමාටත්,තරුෂි මෙනවියට තූර්‍යවාදන කණ්ඩායමේ සියලුම දරුවන්ගේ දෙමාපියන් සහ මෙම අභිමානවත් ගමනට දිරිදුන් ආදි ශිෂ්‍ය තූර්‍යවාදන කණ්ඩායමේ සාමාජිකයන්ටත් ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් ගෞරව පූර්වක ස්තූතිය පුද කර සිටිමු...????????
Western Band - Urapola National College






