පාසල, සිසුන් ලබාගත් ජයග්‍රහණ

නිවැරදි නායකත්වය.......!
උත්සාහය.........!
කැපවීම............!
නිරන්තර පුහුණුව තුළින් ඌරාපොල මධ්ය මහා විද්යාලයට වොලිබෝල් වසන්තය උදාවු වගයි!!!
2024 ගම්පහ අධ්යාපන කලාප වොලිබෝල් තරගාවලියේ ශූරතා දෙකක් සහ අනුශූරතා දෙකක් දිනා ගැනීමට ඌරාපොළ මධ්ය මහා විද්යාලය සමත් විය. වසර එකසිය පනහකට ආසන්න ඉතිහාසයක් ඇති ඌරාපොල මධ්ය මහා විද්යාලයේ ප්රථම වතාවට වොලිබෝල් කණ්ඩායම් හතරක් පළාත් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම ප්රශංසනීයයි. මෙවර කලාප තරගාවලියේදී
16න් පහළ බාලක ශූරතාවය
18න් පහළ බාලක ශූරතාවය
16න් පහළ බාලිකා අනු ශූරතාවය
18න් පහළ බාලිකා අනුශූරතාවය දිනා ගැනීමට අප විද්යාලය සමත් විය.
එමෙන්ම සමස්ත කලාප තරගාවලියේ බාලක ශූරතාවය දිනා ගැනීමට අප විද්යාලය සමත් විය.
තවද තරගාවලියේ 18න් පහළ හා 16 පහළ දක්ෂතම ක්රීඩකයින් අප විද්යාලයෙන් තේරීපත්වූයේ ගම්පහ කලාපයේ වොලිබෝල් වසන්තය ඌරාපොල විදු මාතාවට හිමි බව තව දුරටත් තහවුරු කිරීමටය.
මෙම ජයග්රහණ සඳහා මග පෙන්වූ අප විදුහලේ වත්මන් ගරු විදුහල්පති නීතිඥ නෙවිල් රාජපක්ෂ මහතා, වොලිබෝල් පුහුණු කරු ජගත් සේනානායක මහතා, ක්රීඩා පුහුණුකරු තාරක කසුන් මහතා, EDN නුවන් ගුරුපියාණන් අතුළු ගුරුමණ්ඩලය හා දෙමාපිය සියලු දෙනාට ස්තූතිය ප්රකාශකර සිටිමු.